Lankaputhra Development Bank
  English Language Tamil Language

Lankaputhra Development Bank

 
 

අප පිළිබඳව

 

සී/ස ලංකාපුත්‍ර  සංවර්ධන  බැංකුව 1988  අංක 30  දරණ  බැංකු පනත යටතේ ස්ථාපිත  කරන ලද  අවසරලත්  විශේෂිත රාජ්‍ය බැංකුවක්  වන  අතර 1982  අංක 17  දරණ  සමාගම්  පනත  යටතේ ශ්‍රී ලංකාවේ  ස්ථාපනය  කර  ඇත.

සම්පූර්ණයෙන්ම  දේශීය  සුළු  හා  මධ්‍ය  පරිමාණ  ව්‍යවසායකයින් වෙනුවෙන් මූල්‍ය ශක්තියක් වීම මෙම  බැංකුවේ  අරමුණු  අතර  කැපී  පෙනේ.  ඉතා පුළුල් පරාසයක්  ආවරණය  කරන මෙම  ක්ෂේත්‍රය  සෘජු  හා  වක්‍ර රැකියා රැසක් නිර්මාණය  කර  ඇත.  ජාතික  සංවර්ධනයේ ඉලක්ක  හා අරමුණු  ජය  ගැනීමට නම්  ඔවුන්  සක්‍රීය ලෙසට  ආර්ථිකයට දායක  කර  ගත යුතුය.  ඒ  සඳහා  ඔවුනට  ශක්තිමත්  ජවයක් හා  සහයෝගයක්  අවශ්‍ය  වේ.

දිගු  කාලයක  සිට මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය  විශාල  දායකත්වයක් ලබා  දී  ඇත.  කෙසේ  නමුත්  ඒ  සඳහා  අනුග්‍රාහකත්වයක්  හා  සහයෝගයක් ලබා  දීම  සඳහා  රාජ්‍ය  අංශයේ  මූල්‍ය  ආයතන  වලින්  ප්‍රමාණවත් දායකත්වයක් නොලැබුනි.  මෙම  තත්වය තේරුම් ගත්  වත්මන් රජයේ  ජනාධිපති  අතිගරු  මහින්ද රාජපක්ෂ  මහතා  විසින්  ඉදිරිපත්  කරන ලද  මහින්ද  චින්තන  ප්‍රතිපත්ති  ප්‍රකාශයේ  එක්  යෝජනාවක්  අනුව ලංකාපුත්‍ර  සංවර්ධන  බැංකුව ආරම්භ  කරනු ලැබීය.  මෙය  සුළු  හා  මධ්‍ය  පරිමාණ  ක්ෂේත්‍රයට  යෝධ  බලයක්  වනු  ඇත.  


 

 
WEBMAIL   WEBMAIL LOGIN
PROMOTIONS Promotions
Next Last
Interest Rates INTEREST RATES
NEWS LETTERS News Letters
Next Last
HOME SITEMAP NEWS