Lankaputhra Development Bank
  English Language Tamil Language

EMPOWERING YOU TO EMPOWER THE NATION

 
 

ගණුදෙනුකරුවන්  මෙසේ  කියයි

 

Dragon  Fruit  කථාවේ  කථානායකයා  අපට  හමුවන්නේ  හොරණ  බුලත්සිංහල  ප්‍රදේශයෙන්.  ඔහු  නමින් මනෝජ්  කාරියවසම්ය.  මනෝජ්  වෘත්තියෙන්  හමුදා  නිළධාරියෙක්.  හමුදා  සේවයෙන්  විශ්‍රාම  ගිය  පසු  ව්‍යාපාර  කිහිපයකම  කටයුතු  කරනු  ලැබූ  මනෝජ්ගේ  සිතේ  ඇදී  තිබුනේ  තමන්ගේම  කියා  ව්‍යාපාරයක්  ආරම්භකර රටේ සංවර්ධනයට  දායක  වීමයි.  කිසිදු  කෙනෙකු  අත  නොගසන  ඒ  පිළිබඳව  සිතන්නටවත්  අපහසු  ක්ෂේත්‍රයක්  ඔහු  තෝරා  ගත්තා.  ඒ  Dragon  Fruit  වගා  කිරීමයි.

ඉතිහාසයේ එක්තරා දවසක මනෝජ් තායිවානයට ගියේ Dragon Fruit වගාව සඳහා අවශ්‍ය තොරතුරු  එක්රැස් කිරීමට සහ අධ්‍යයනය කිරීමටයි.  සිය ඉලක්කය සම්පූර්ණ කරගෙන ඔහු නැවතත් මව්බිමට  පැමිණියේ කෙසේ හෝ Dragon Fruit වගාව ආරම්භ කිරීම සඳහාය.  මේ වෙනුවෙන් අරමුදල් මෙන්ම  ඉඩමක්ද සොයා ගැනීම අවශ්‍ය  විය.  1999  වසරේ  ගම්පහ  මුදුන්ගොඩ  ප්‍රදේශයේ  අක්කර  02  කින්  මෙම  ව්‍යාපාරය ඇරඹි මනෝජ් 2006  වන විට ශ්‍රී ලංකා  ආයෝජන  මණ්ඩලයේ  අනුමැතිය  සහිතව  අක්කර  100 ක Dragon Fruit වගාව  සඳහා  අත්තිවාරම  දමන  ලදී.  මේ  සඳහා  මූල්‍ය  දායකත්වය  ලංකාපුත්‍ර  සංවර්ධන  බැංකුවෙන්  ලබා  ගන්නා  ලදී.  මූල්‍ය ආයතන කිහිපයක්  සමඟ  මෙම  වගාවට  අදාළව  අරමුදල්  සම්පාදනය  කර  ගැනීම  පිළිබඳව  සාකච්ඡා  කරනු  ලැබූ  බවත්  ඉන්  කිසිදු  ප්‍රතිඵලයක්  නොලැබුනු  බවත්  මනෝජ් පැවසීය.  කෙසේ නමුත් උත්සාහය අතහැර දැමීමට  ඔහු  අකමැති  විය.  එලෙස උත්සාහය අතහරිනු ලැබූවේ නම් සාර්ථක ව්‍යාපාරිකයකු වීමට තිබූ  අවස්ථාව මග හැරී යනු ‍ඇත.  ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ  ආරම්භක ගණුදෙනුකරුවෙකු වන මොහු සාර්ථක ලෙසට නිසි කලට ණය වාරික ගෙවීම සිදුකරයි.  මෙම  ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස එය බව ඔහුගේ විශ්වාසයයි. 

මනෝජ්ගේ වගාව සඳහා නිරන්තරයෙන්ම කාබනික පොහොර යොදා ගැනීමට කටයුතු යොදන අතර  කාබනික වගාවන්ගේ ඵලදාව සදහා ඉහළ මිලක් ලබා ගත හැක.  මේ නිසා නිරන්තරයෙන්ම මනෝජ් උත්සාහ ගන්නේ සියයට සියයක්ම කාබනික පොහොර යොදා සිය වගා කටයුතු  සිදුකිරීම සඳහාය.  මේ  හේතුව නිසා හෙක්ටයාරයකින් මෙට්‍රික්ටොන් 36 ක් ලබා ගැනීමට හැකි වී ඇත.  කෙසේ නමුත්  ලෝකයේ  Dragon Fruit වගාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන තායිවානයේ රසායනික පොහොර යොදා  හෙක්ටයාරයකින් ලබා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 31  කි.  මෙයින් පෙනී යන්නේ කාබනික  පොහොර  යෙදීම  මගින් සාර්ථක  අස්වැන්නක් ලබා ගත හැකි බවයි.

යුරෝපීය සංගමයේ තත්ව සහතිකය සඳහා මනෝජ් අයදුම් කො‍ට ඇති අතර මේ වන විට අදාළ සහතික  කිරීම හා සම්බන්ධයෙන් කටයුතු සිදුකෙරෙමින් පවතී.  නිරන්තරයෙන්ම පාරිභෝගිකයන්ට හොඳ දෙයක්  ලබා දීම මනෝජ්ගේ ඒකායන අරමුණයි.  මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වසර 10 කට අධික  කාලයක්  පරීක්ෂණ පවත්වා ඇති අතර මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වී  තිබේ.

ලෝක  වෙළඳපොලේ   Dragon  Fruit  ඉල්ලුමෙන්  ලංකාවට  සැපයිය  හැක්කේ  ඉතාමත්  අඩු  ප්‍රමාණයකි.  මේ වන  විට  ඉතාලියට  සහ  අරාබි  රටවලට  අපනයනය  සිදුකරනු  ලබන  අතර  ඉදිරියේදී   වෙනත්  රටවල්  සඳහාද  යොමු  වීමට  යෝජිතය.  කෙසේ  නමුත්  ලෝක  වෙළඳපොළේ  මෙරට  නිෂ්පාදිත  Dragon  Fruit  සඳහා  හොඳ  ඉල්ලුමක්  සහ  මිලක්  ලැබේ.

Fish Farm Fish Farm Fish Farm

සාර්ථක ලෙස ව්‍යාපාරික කටයුතු කර ගෙන යාම සඳහා ප්‍රමාණය, ගුණත්වය, ඇසුරුම සහ ඒකාකාරී සැපයුම  වැදගත්  වේ.  මෙය  ගැනුම්කරුවන්ගේ  විශ්වාසය  දිනා  ගැනීම  සඳහා  වැදගත්  සාධකයක්  බැව්  මනෝජ්  විශ්වාස  කරයි.  නිරන්තරයෙන්ම  ගැණුම්කරුවන්ගේ  විශ්වාසය  හා  අවශ්‍යතාවය  තේරුම්  ගැනීමට  හැකිවන්නේ  නම්  එය  සාර්ථක  සැපයුම්කරුවකුගේ  ගුණාංගයකි.  මෙය  තම  ව්‍යාපාරයේ  සාර්ථකත්වයේ  රහස  බව  මනෝජ්  පවසයි.

Dragon  Fruit  වගාව  ඉතාමත්  අවදානම්  සහගත වගාවකි.  කෙසේ  නමුත්  මෙම  අවදනම්  බව  නොතකා  ලංකාපුත්‍ර   සංවර්ධන  බැංකුව  වගාවට  මුදල්  යොදවන්නට  කටයුතු  යෙදීම  සම්බන්ධයෙන්  ස්තුතිවන්ත  වන  බව  මනෝජ්  පවසයි.  නිවැරදි  ක්‍රමවේදයකට  වගාවට  අරමුදල් යොදා ගැනීම  සම්බන්ධයෙන් ලංකාපුත්‍ර   සංවර්ධන  බැංකුව  උපදෙස්  ලබා  දීම  සම්බන්ධයෙන්ද  ඔහු  මෙහිදී  අදහස්  පළකලා.

මෙරට  Dragon  Fruit  වගාකරුවන්ගේ  සංගමයක්ද  ආරම්භ  කිරීම  සඳහා කටයුතු ‍‍‍යොදා ඇති  මනෝජ්  එහි  සාමාජිකත්වය  ලබා  ගන්නා  මෙන්  දිවයිනේ  විසිරී  සිටින  වගාකරුවන්ට  ආරාධනා  කරයි.  කුඩා  පරිමාණයේ  වගාකරුවන්  සඳහා  රැකවරණය  සැලසීම‚  අපනයන  වෙළඳපොළේ  ශ්‍රී  ලංකාවේ නම  රැක  ගැනීම,  කාබනික  වගාවක්  ලෙසට  ප්‍රචලිත  කිරීම  සහ  සෑම වගාකරුවන්ගේම ඵලදාව එකතු‍කොට නිසි වටිනාකමක් ලබා දීම ‍‍ෙමන්ම දියුණු තාක්ෂණික  ක්‍රමවේදයන් වගාවට හඳුන්වා දීම ‍ෙමම සංගම‍යේ අරමුණු ‍‍ෙවයි. ‍ මේ සඳහා වගාකරුවන් ‍ෙපළගැස්වීමට කටයුතු සම්පාදනය ‍‍‍‍කොට ඇති බව පැවසු මනෝජ් මහතා දැනටමත් ශ්‍රී ලංකා‍‍වේ Dragon  Fruit  වගාකරුවන්ගේ  සංගම‍යේ සාමාජිකයන් 200 සිටින බැව් පැවසීය.

මනෝජ්  කාරියවසම් මහතා,
කළමණාකරණ අධ්‍යක්ෂ,
SIECO ඇග්‍රි කල්චර් (පුද්ගලික) සමාගම,
තැ. ‍ෙප. 07, ආදර්ශ ‍ගොවිපල,
බත‍‍ලේගම,
බුලත්සිංහල.

 

ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබු දිස්නා ඉන්ද්‍රාවතීට ඉටුකර ගැනීමට ‍නොහැකි තරම් බලා‍‍ෙපාරොත්තු තිබුනේ නැහැ.  අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය ‍‍‍ෙප‍‍ළ විභාග‍යෙන් ඉහළින්ම දිස්නා සමත් වුවත් පවත්නා වු ආර්ථික තත්වය අනුව දිගටම අධ්‍යාපන කටයුතුවල නිරත වීමට හැකියාවක් තිබුණේ නැත.   සුදු ගවුමට හා ‍පොත් මිටියට ආයු‍‍බෝවන් කියු දිස්නා විරැකියා ‍‍‍පෝලිමට එකතුව කාලය අප‍‍ෙත් යැවීමට කටයුතු නොකළාය.  ඇ‍ගේ සි‍තේ ‍‍‍ෙකානක තැන්පත්ව තිබු ඒක් සිහිනයක් විය.  එම සිහින සැබෑවන සිහිනයක් ‍නොවුවත් උත්සාහය තුලින් අදාල සිහිනය ජය ගැනීමට ඇය අධිෂ්ඨාන කලාය.  කවදා ‍හෝ දිනක අනුනට අත ‍‍‍‍‍ෙනාපා තමා‍‍ගේම ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා ‍‍‍තෝරා ගනු  ලැබු ‍කේෂ්ත්‍රය ද කාන්තාවන්ට ගැලපෙන මටසිලිටු මාර්‍ගයක් ‍‍ෙනා‍ෙව්.  දිස්නා‍ගේ සුසිනිදු දෑතට ඒය ‍‍ලොකු අභි‍යෝගයක් වු‍යේ නැත.

ප්‍ර‍‍‍‍ෙද්ශ‍යේ වී අස්වැන්න සරුවට කර ගෙන යන අතර වී මෝලක් ආරම්භ කිරීම සඳහා දිස්නා තුළ දැඩි                       වුවමනාවක් තිබුණි.  හරියටම දිස්නා‍ගේ මතක‍යේ හැටියට 1991 වස‍රේ වී මෝලක් ඇරඹීම සඳහා අත්තිවාරම් ‍‍‍යොදන ලදී.  මුලින්ම කුලියට ලබාගත් වී සත 35ට ‍කෙටීම ආරම්භ කරනු ලැබු දිස්නා දුක්මහන්සි‍යෙන් සිය ව්‍යපාරය පුළුල් කිරීම සඳහා සිහින දුටුවාය.  1991 වස‍ර් සිට 2004 වසර දක්වා දිස්නා‍‍ෙග් ව්‍යාපාරික ගමන් මග රතු පලස්  ඵලා සුන්දරව තිබු‍ණේ නැත.  සත 35ට වී ‍කෙටිමට අමතරව ඇය සිය වී මෝල රඳවා තබා ගැනීම සඳහා ද මාසිකව කුලී ‍‍ෙගවීමට සිදුවිය. මේ තත්ත්වය  තුල ඇය දැඩි අසීරුතාවකින් යුතුව සිය ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යනු ලැබු අතර උත්සාහය කිසිවිටකත් අත්නොහැරියාය.

ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යාමට මූල්‍ය වශයෙන් ස්ථාවරත්වයක් ඇති කර ගතයුතු අතර ඒ සඳහා සුඵ ව්‍යවසායකයින්ට අත දීමට තරම් කැපවන බැංකුවක් ‍සොයා ගැනීමට දිස්නාට දැඩි ‍වෙහෙසක් දැරීමට සිදු විය.  ඇය‍ගේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මුල්‍ය දායකත්වයක් ලබා ‍ගන්නේ ‍‍ෙක‍‍‍‍‍‍‍‍‍ෙස් දැයි දස අත කල්පනා කළාය.  කාලය ‍‍ෙමසේ ‍‍ෙගවී යද්දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරිම සඳහා ආරම්භ කරනු ලැබු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව (S.M.E  බැංකුව) පිළිබඳ ‍‍ෙතාරතුරු දැනගැනීමට හැකි විය.  (S.M.E  බැංකුව සහ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව 2008 වස‍රේ ජනවාරි මස ඒකාබද්ධ වීම සිදුවිය) අදාල බැංකුව පිළිබඳ  ‍‍ෙතාර ‍‍ෙතාරතුරු දැනගත්තෙන් එහි සේවය ලබා ගැනීම ‍‍‍‍‍‍කොළඹ‍ට පැමිණිමට සිදුවීම ඊළග ගැටළුව විය.   ‍‍ෙක‍‍‍‍‍‍‍‍‍ෙස්  නමුත් බැංකු‍‍ෙව් නිළධාරි‍යෙකු සමග දුරකථන‍‍ෙයන් කථා‍‍කොට අවශ්‍ය විස්තර දැනගෙන දිස්නා ‍කොළඹට  පැමිණි‍යේ සිය ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබා ගැනීම අරමුණු කර ‍ෙගනයි.  සිය අවශ්‍යතාවය දැනුම් දීමත් සමගම අවශ්‍ය ලිපි ‍‍ලේඛන සකස්කිරි‍‍‍‍‍මෙන් අනතුරුව නැවතත් මහවිලච්චියට දිස්නා ගියේ දහසකුත්  බලා‍‍‍ෙපාරොත්තු ‍පොදි බැදගෙනය. කෙ‍‍‍ෙස් නමුත් ඉතාමත් කෙටිකාලයක් තුල දිස්නාට සිය ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනයට බැංකුව අවශ්‍ය මූල්‍ය සහනයක් ලබා‍‍‍‍දෙන ලදී.  (මෙයට ‍‍‍‍‍‍‍‍ෙපර  දිස්නා අවස්ථා කිහිපයකදී ප්‍ර‍‍‍‍ෙද්ශ‍යේ බැංකු කිහිපයකට ගියත් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ‍‍‍‍නොහැකි විය.)

 

Fish Farm Fish Farm Fish Farm

දැන් දිස්නා සාර්ථක ව්‍යාපාරයක හිමිකාරියකි.  කලින් කුලියට සිටි ඇය ‍‍ෙම් වනවිට අක්කර ‍ෙදකක හිමිකාරිනියකි.  මසකට රුපියල් 500ක ආදායමක් ලැබු දිස්නා ‍ෙම්වන විට රු.100,000ක ආදායමක් ලබන්නීය.  ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රවාහන පහසුව ‍ෙවනු‍‍ෙවන් නව ‍ලොරියක් ද ඇය විසින් මිලට ගත්තාය.  ‍‍ෙම් මගින් විවිධ ප්‍ර‍‍‍‍ෙද්ශ‍වල ඇති වී ‍‍ෙගනවිත් ‍කොටනු ලබන අතර සහල් ‍වෙළඳ පළ කරා ප්‍රවාහනය කිරීම අදාළ ‍‍ෙලාරියෙන් සිදු ‍‍ෙක‍රේ.

ඇය නව නිවසකට අත්තිවාරම දමා ඇත්තේ සිය පුංචි කැදැල්ල එහි ඉදි කිරිම සදහාය.  දිස්නාගේ මීළග බලා‍‍‍ෙපාරොත්තුව ධාරිතාවය ඉහළ යන්ත්‍ර කීපයක් මිළදී ගැනීමය. ‍‍ෙමි මගින් ගුණත්වයෙන් ඉහළ සහල් කඩිනමින්වෙළදපළ සදහා ‍ෙයාමුකිරීම ඇය‍ෙග් අරමුණයි.  ‍‍ෙමි සදහා ඇයට ස්ථිර වෙළද ‍පොළක් පවති.  මෙම සියළුම සාර්ථකත්වයන් පසුපස දයාබර සැමියා, දු දරුවන් මෙන්ම ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවද සිටින බව ඇය නිහතමානීව සදහන් කරයි.  අවංක බව හා බැංකු සමග නිසි කලට ගණුදෙණු කිරීම සිය ව්‍යාපාරයේ රහස බව දිස්නා‍ගේ විශ්වාසයයි.  මෙය අනෙකුත්  ව්‍යවසායකයින්ටද ආදර්ශයකි.  

තාරක හාල් ‍මෝල,
‍‍ෙනා: 149,
වම් ඉවුර,
මහවිලච්චිය,
අනුරාධපුරය.


 
WEBMAIL   WEBMAIL LOGIN
PROMOTIONS Promotions
Next Last
Interest Rates INTEREST RATES
NEWS LETTERS News Letters
Next Last
HOME SITEMAP NEWS