ජ්‍යෙෂ්ඨ කළමණාකරු - තොරතුරු තාක්ෂණ
වජිර ජයසිංහ මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශය මෙහෙයවනු ලබයි. ඔහු මොරටුව චිශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක්ද ලබා ඇත. ජයසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ වරලත් ඉංජිනේරුවරයකු වන අතර, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයකුද වේ. ක්ෂේත්‍රයේ වසර 17 ක පළපුරුද්ද ඔහු සතු වන අතර ඉන් වසර 09 ක් සී/ස වනික් සමූහායතනයේ හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුවේ, තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කොට ඇත.
|